දැක්ම

නව තාක්‍ෂණයෙන් සන්නද්ධ වූ ගෝලීය වශයෙන් තරඟකාරී පොල්, කිතුල් හා තල් ආශ්‍රිත තිරසාර කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුළ සහතික කිරීම .”

 

මෙහෙවර

දේශීය හා අපනයන වෙළඳපොළ විවිධ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි නිෂ්පාදන ඵලදායිතාව, ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ ඉහළ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා නවීන විද්‍යාව හා තාක්‍ෂණය යොදා ගැනීම; ඉඩම් පරිහරණය, ජල සම්පත්, ප්‍රාග්ධනය සහ ශ්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම; සාම්ප්‍රදායික පුහුණු කෘෂිකාර්මික ශ්‍රමය ආකර්ශනීය වෘත්තියක් බවට පත් කිරීම; ගොවීන්ගේ හා කර්මාන්තකරුවන්ගේ ආදායම සහ ජීවනෝපාය වැඩි දියුණු කිරීමසහතික කරමින් ඉතා සංවර්ධිත පොල්, කිතුල් සහ තල් ක්ෂේත්‍රයක් ගොඩනැගීම.”

 

අමාත්‍යාංශයේ අරමුණු

අමාත්‍යාංශය මගින් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති රාමුවට අනුව සකස් කරන ලද 2021-2025 උපායමාර්ගික රාමුව යටතේ;

පවත්නා පොල් වගාවන්හි ඵලදායීතාව වැඩි දියුණු කිරීම සහ දැනට පොල් වගා නොකරන පළාත්වල පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සහ අතුරු බෝග වගාවට වගාකරුවන් දිරිමත් කිරීම තුළින් පොල් ඉඩම් වල ඵලදායීතාවය වැඩි කිරීම

පොල්, තල් හා කිතුල් කර්මාන්ත ප්‍රවර්ධනය සහ අගය එකතු කිරීම තුළින් නිෂ්පාදන විවිධාංගීකරණය හා නිෂ්පාදන අපනයන සඳහා යොමු කිරීම

පොල්, තල් හා කිතුල් කර්මාන්තකරුවන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම තුළින් ඔවුන්ගේ සමාජ පිළිගැනීම සහතික කිරීම

පොල්, තල් හා කිතුල් ආශ්‍රිත දේශීය හා විදේශීය වෙළඳ‍පොළ සහ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම හා පර්යේෂණ තුළින් අධිඵලදා පැළ හඳුන්වාදීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් තුළින් පොල්, තල් හා කිතුල් ක්ෂේත්‍රයන්හි කාර්මික  සංවර්ධනයට දායක වීම.